පෙර කොටසින්...ටක්...ටක්...ටක්... කිසිවෙක් දොරට තට්ටු කරයි. විගසින් අසුනක අසුන්ගත් මම ජංගම දූරකතනය අතට ගතිමි.
“ඇතුළට එන්න” ගැඹුරු හඬක් මවා ගන්නට මම ධෛර්යවන්ත වුණෙමි. මඳ නිහැඬියාවකි. දොර ශබ්දයක් නොනගා ම විවර විය. නැවතත් නිහැඬියාවකි. මම විවර වූ දොර දෙස නොඉවසිලිමත් බැල්මෙන් බලා හුනිමි. සෙමින් සෙමින් සිසුවියෝ තිදෙන විවේකාගාරයට ඇතුළු වූහ. මම පත් වී සිටියේ දැඩි අපහසුතාවකටයි.
“සර් අ...අපිට සමා...වෙන්න...”මී මැසි හඬින් එක් සිසුවියක තෙපලා ය. අපි සර්ට නරක විදියට බැන්නෙ. අපි දැනන් හිටියෙ නෑ එ් සර් කියලා”
නොහොඹිනා විහිළුව කළේ මා ය. දැන් සමාව අයදින්නේ ඔවුන් ය. මම තවත් අපහසුතාවයට පත් වීමි.
“ඔයගොල්ල සමාව ගන්න ඕන නෑ. මම තමයි ඔය ගොල්ලන්ගෙන් සමාව ගන්න ඕන” යන්තම් වචන එකතු කරගන්නට මට හැකි විය.
නැවතත් දොර වැසිණ. මගේ සිතෙහි තිබූ බර යම්තරමකට නිදහස් විය. විවේකයෙන් පසු යම් අපහසුතාවයකින් වුව ද මම පන්තිය පවත්වා අවසන් කළෙමි.
එදින රාත්රිය නිදි වර්ජිතව ගෙවා දැමීමට මට සිදුවිය. ඔවුන් මගේ විහිළුව පිළිබඳව ඔවුන්ගේ දෙමව්පියන් දැනුම්වත් කරාවිදැයි යන අනියත බිය මගේ හදවත පසාරු කළ ඊයම් බරුවක් විය.

- 11 -
මතු සම්බන්ධයි...
ටියුෂන් සර්-11
Reviewed by සෙනිර සෙව්මිණ
on
7:39 PM
Rating:
No comments: