ටියුෂන් සර්-1


ටියුෂන් සර්





           සෑම වෘත්තිකයෙකු පාහේ ම සතිඅන්තය තම ගිමන් හරින කාලය බවට පත් කරගෙන ඇතත්, මගේ දිවියට විවේක නොවේ. රටක් සැතපෙන මහා රාත්‍රියේ දී මම තනිවම නිබන්ධන තනමි; විෂයානුබද්ධ කරුණු සොයමි; ප්‍රශ්න පත්‍ර තනමි; පිළිතුරු පත්‍ර පරික්ෂා කරමි; විටෙක එයින් තෘප්තියටත් විටෙක කණස්සල්ලටත් පත් වෙමි. ඒ ටියුෂන් ක්ෂේත්‍රයේ හැටි ය. කෙසේ නමුදු ටියුෂන් ක්ෂේත්‍රය මගේ ආත්ම තෘප්තියයි. හුණුකූරක්; මාක(ර්) පෙන් එකක් සමග ස්වරතන්ත්‍ර ගෙවීයන තෙක් කතා කිරීම වෙහෙස දැනවූව ද එයින් මම තෘප්තියක් ලබමි.
          
          සූර්යයා පෘථිවියට නෙත් යොමු කරන්නටත් පෙරම මා අවදි වීමි. උදෑසන ආහාරය වූයේ පරිප්පු හොදි සමග පාන් පෙති ය. ඒ සයිවර් කඩයකිනි. දැන් මා උදෑසන සිද්ධාන්ත පන්තිය සඳහා සූදානම් ය. ටියුෂන් ක්ෂේත්‍රයේ තවමත් ළදරුවෙකු වන මගේ පන්ති කාමරයේ හුන් සිසුන් අතළොස්සට පියකරු සිනහවකින් සංග්‍රහ කළෙමි. ඔවුහු මට “ආයුබෝ!” පැතූහ. කඩිනමින් ලැප්ටොප් පරිගණකය ප්‍රක්ෂේපන යන්ත්‍රයට සවිකරගෙන භෞතික විද්‍යා දේශනය ඇරඹීමි...
                              
                                                                   -  1  -

                                                                                                  මතු සම්බන්ධයි...

ටියුෂන් සර්-1 ටියුෂන් සර්-1 Reviewed by සෙනිර සෙව්මිණ on 5:18 AM Rating: 5

No comments:


Powered by Blogger.