පෙර කොටසින්...දිනෙන් දින ඉගිල ගොස් සතියක් ම ගතවිය. මෙදින මම පන්තියට ගියේ දෙලොවක් අතර තනි වූ සිතෙනි. නමුත් එතරම් ගැටලුවක් නොවී ය. ඔවුන් තිදෙන එය අමතක කර ඇති සෙයකි.
* * *
දින සති වී, සති මාස බවට හැරෙද්දී නඳුනි, දිලිනි, දේවින්දි මගේ මිතුරියන් තරමට මට සමීප වූහ. නොයෙක් විහිළු තහළු සමග ටියුෂන් පන්තිය සුන්දර විය. නවක පිරිමි ළමයි තිදෙනෙක් ද මා සොයා ආහ. සමස්ත පන්තිය සිසුන් අට දෙනාත්, මාත් ය. දැන් දැන් සිසුවියන් තිදෙන මගේ විහිළුව ඔවුන්ගේ වාසියට හරවාගෙන තිබේ. ඔවුන්ට ඔවුන්ගේ අඩුපාඩු පෙන්වා දීමට යාමේ දී මහ හඬින් සිනා සී මා විහිළුවකට ගැනීම ඹවුන්ගේ සිරිත ය. ඔවුනට බැණවැදිය නොහැකි නිසා ම මම නිහඬව ඉවසන්නට හුරු වීමි. දෑඅවුරුදු අහවර ඔවුන්ගේ ප්‍රතිපල මගේ ටියුෂන් දිවිය එකළු කරන්නට වීම ද අසිරියකි. සජානිගෙන් හිස් වූ පෙම් රඟහල නඳුනි වෙත විවර කරම්දැයි වූ කුකුස මගේ හදවත පුබුදුවාලී ය. දැන් ඇය මගේ සිසුවියක් නොවේ. ගුරු ගෝල බැඳීම දැන් අහවර ය. ඇයත්, මාත් සමාජයේ නිදහස් පුරවැසියන් ය. ඉදින් අප දෙදෙනාට එක්වන්නට බැරි ද?...
“තාත්ති තාත්ති...”මගේ කුඩා පුතු සෙනාල්ගේ හුරතල් හඬින් මම නින්දෙන් පිබිදීමි. මගේම අතීතය සිහිනයක් ලෙසින් මා කරා පැමිණ ඇතැයි මට තේරුම් ගියේ එවිට ය.
“හනේ...හනේ...ටියුෂන් මාස්ටර්. පොතක් කියවන්න නේද වාඩිවුණේ? දැන් නිදි” මගේ බිරිඳ සිනහවකින් මුව සරසාගෙන තොදොල් ස්වරයෙන් පැවසුවා ය.
කුඩා පුතු දෙදණ මත වාඩි කරවාගත් මම බිරිඳට සිනහවකින් සංග්‍රහ කරමින් සුරතට ඇය ගෙනා තේ කෝප්පය ගත්තෙමි. මඳ වෙලාවක් මා ඇගේ මුහුණ දෙස නෙත් යොමා සිටියේ අතීත මතකය යළි අවුස්සමිනි.
“හරි කෝළමක්නෙ මේක. මොකෝ මගේ මූණෙ පෙරහැරක්වත් යනව ද?” සිනහව අතරින් ම බිරිඳ ඇසුවා ය. “නඳුනි...නඳුනි...අපි ආවෝ !” යැයි මහ හඬින් කළ කෑගැසීම අප දෙදෙනාගේ ම දෙනෙත් ගේට්ටුව දෙසට යොමු කරවන්නට සමත් විය. දේවින්දිත්, ඇගේ සැමියාත් සිනහ කැන් පිරි මුවින් යුතු ව අප නිවස වෙත එනු පෙනේ. එකෙණෙහහි ම වාගේ මමත්, බිරිඳත් මුහුණින් මුහුණ බලා ගතිමු. ඇගේ දෙනෙත්වල ලියැවී තිබුණේ ඇයට ද අපේ අතීත කතාව සිහිපත් වූ සෙයකි...

- 12 -
ටියුෂන් සර්ගෙ පැටිකිරිය නිමි.
ටියුෂන් සර්-12
Reviewed by සෙනිර සෙව්මිණ
on
7:39 PM
Rating:
No comments: