පෙර කොටසින්...පන්තියේ
හුන් අතළොස්සක් වූ සිසුහු දැඩි උවමනාවකින් මෙන් මගේ දේශනය අසා සිටිති; කරුණු සටහන් කර ගනිති; විටෙක ඔවුන්ට පැන මතුවේ. ඒවාට සාර්ථක ලෙස පිළිතුරු ලබා දීමට මම පොහොසත්
වීමි. සුපුරුදු ලෙස අද දිනයේ ද පාඩම ගලා ගියත්, මගේ සිත ගන්ධබ්බ ජීවියෙකු සේ දෝලනය වේ. ඒ පෙර දින රාත්‍රියේ අ.පො.ස. උසස්පෙළ ප්‍රතිඵල
අන්තර්ජාලයට නිකුත් වූ බැවිනි. මගේ
ටියුෂන් දිවියේ ප්‍රථම සිසු කැල මුහුණ දුන් විභාගයේ ප්‍රතිඵලයි, මේ නිකුත් වී ඇත්තේ. තවමත් ඔවුන් මට ප්‍රතිඵල දැනුම් දීමට පැමිණ නැත. මගේ ප්‍රථම සිසු කැල සිසුන් අට දෙනෙකි. එකෙකු හෝ පැමිණ ඇත්දැයි වූ විචිකිච්ඡාව මා වෙහෙසට
පත් කරවී ය. විටෙන් විට මම දෙනෙත් පන්ති කාමරයෙන් එළියට යොමු
කරවීමි. ඔවුන්ට මා අමතක වී ඇති සෙයකි. ඔවුන් ගැන සිතීම මොහොතකට කල් දැමූ මා ඉගැන්වීමේ
නිරත වීමි. කාලය කෙමෙන් කෙමෙන් ගතවී ගොස් ඔරලෝසු කටු දහයයි
පනහ ළඟ මඳකට නතර විය. පන්තිය නිමා කරන සුපුරුදු වෙලාව එකොළහ වුවත් අද
දිනයේ පන්තිය දහයයි පනහට නිමා කළෙමි. ඒ මගේ කුස මල්ලව පොර පිටියක් බවට පත්වෙමින් තිබූ
නිසා ය. සිසුන්ට “ආයුබෝ!” පැතූ මා කඩිනමින් පන්තියෙන් එළියට බැස්සේ
කුසගිනි නිවා ගන්නට සයිවර් කඩයකට රිංගීමට ය. අඩියට දෙකට යතුරු පැදිය ආසන්නයට පිය
මැන එයට ගොඩ වී හිස්වැසුම් ලා ගතිමි. මා යතුරුපැදිය පණගන්වන්නට සූදානම්වූවා පමණි...
- 2 -
මතු සම්බන්ධයි...
ටියුෂන් සර්-2
Reviewed by සෙනිර සෙව්මිණ
on
6:48 AM
Rating:
No comments: