පෙර කොටසින්...තවත්
මඳ වේලාවක් පිළිසඳරේ යෙදුණ ඔවුන් නික්ම යන විට නැවතත් ඔවුන්ගේ ජීවිත සාර්ථක වේවා! යි
සුබ පැතීමි. තිදෙනාම පියවර කිහිපයක් ඉදිරියට පියමැන ගිය අතර ඔවුන් දෙස මම නෙත්
දල්වා බලා සිටියෙමි. පියවර කිහිපයක් ඉදිරියට ඇදුන නඳුනි බියපත් මුවැත්තියක සේ මා
දෙස බලා “ බායි”යැයි තෙපලුවා ය. ඇගේ නළලත රැඳි දහඩිය බිඳු කිහිපය සූර්ය ප්‍රභාවෙන්
මිණිබරණ සේ දිදුළයි. මගේ හදවත හරහා ක්ෂණිකව හැඟීම් සමුදායක් ගලා ගියේ ය. මගේ සුරත
මා නොදැනුවත්වම ඉහළට එසවුණේ ප්‍රති ආචාර කරන්නට විය යුතු ය. නමුත් මගේ මුවින් කිසිඳු
වදනක් පිට නොවී ය. මුවින් නොකී දහසක් දේ මගේ දීප්තිමත් දෙනෙතෙන් ඈ දකින්නට ඇත. එකෙණෙහි
ම හිස බිමට හොවාගෙන ඉදිරියට පියමැන්න ඈ බියපත් සිවල් දෙනකගේ සිරි ඉසිලී ය.
සතුට
කරණ කොට ගෙන නිවී ගිය කුසගින්න ආහාර ගැනීමේ අවශ්‍යතාවය පසුවට කල් තැබී ය. කුස තුළ
බඩපිනුම් ගැසූ මල්ලවපොරකරුවන් ආගිය අතක් නැත. අසල වූ බංකුවක් මත හිඳගත් මා අතීතය
සිහිකරන්නට වූයේ නිතැතින්ම ය.
කුඩාකල
පටන් ම එතරම් දුකක් නොවිඳීමට සිදුවීම මා ලද භාග්‍යක් යැයි හඟිමි. මගේ පියා ව්‍යාපාරිකයෙකි;
මව පාසල් ගුරුවරියකි. අ.පො.ස. සාමාන්‍ය පෙළ සාර්ථක ලෙස පසු කළ මා භෞතීය විද්‍යා
අංශයෙන් දිවිය සාර්ථක කරගන්නට පෙළඹිණ. මිහිරි මතකයන් රැසක් සමග උසස් පෙළ
දෑඅවුරුද්ද නිමා විය. ප්‍රතිඵල පැමිණියේ ය. මට ඒ සාමාර්ථ දෙකකි; බී සාමාර්ථයකි. සතුටුදායක
ප්‍රතිඵලයත් සමග මම ඉංජිනේරුවෙකු වීමේ අටියෙන් මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමි.
මගේ ප්‍රථම මල්හීය ‘ සජානි’ ය. ඈ රුවැත්තියකි. මගේත්, ඇගේත් ප්‍රථම ප්‍රේමයේ
පෙරවදන මොරටුව සරසවියේ දී ලියැවිණ. අසිරිමත් වූ මල්හීය ආපසු හැරෙන්නට වැඩි කලක් ගත
වූයේ නැත. මනසින් ද, හදවතින් ද බිඳ වැටුණ මම සිගරට්වලත්, කොකේන්වලත් පිහිට පැතීමි.
මගේ රැවුල හා කොණ්ඩය අකීකරු ලෙස වැවෙද් දී මිතුරන් ද, දෙමව්පියන් ද මා සැනසීමට ගත් වෙහෙස
බොහෝ ය. නේවාසිකාගාරය සිගරට් දුමින් වැසී ගොස් ය. හිස් වූ සිගරට් පෙට්ටි ඇඳ යට එක
දෙක ගොඩගැසෙන්නට පටන් ගති. අඩක් දැවී ගිය
ගිනිකූරු හා ‘සිගරට් ෆිල්ටර්’ දොර ආසන්නයේ වැටී ඇත්තේ කාමරයට පැමිණෙන උන්ට එලා
තිබූ පාවඩයක් ලෙසිනි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මම කාළකන්නියෙක් වෙමි. මේ කාළකන්නි
දිවිය මට රුචි විය. ඒ ප්‍රශ්නවලින් පැනයන්නට තිබූ හොඳ ම ක්‍රමය එය යැයි සිතන්නට මා
පෙළඹීම නිසා ය.
- 5 -
මතු සම්බන්ධයි...
ටියුෂන් සර්-5
Reviewed by සෙනිර සෙව්මිණ
on
7:01 AM
Rating:
No comments: