පෙර කොසින්...දිනක්
ඉබාගාතේ නගරයේ ඇවිදිමින් සිටි මට මගේ පොරණ ගුරුතුමෙකු මුණගැසිණ. එතුමා නගරයට පැමිණ සිටියේ පෞද්ගලික
මිතුරෙකු මුණගැසීමටයි. එතුමාට මා හඳුනාගන්නට වැඩි වෙලාවක් ගත නොවී ය. මගේ බාහිර
පෙනුම දුටු එතුමා යමක් තේරුම්ගත් බවක් අඟවමින් මා සමග අසල තිබූ තේ කඩයකට ගොඩ විය. මගේ
දිවියේ පාපෝච්චාරණය එතුමා ඉදිරියේ වචන බවට හරවන්නට මට සිදු විය. ප්ලේන්ටියක්
තොලගාමින් මහත් වූ සාවධානයකින් මගේ කතාවට එතුමා සවන් දුන්නේ ය. දීර්ඝ වූත්, දුක්ඛිත
වූත් මගේ පාපෝච්චාරණය අවසානයේ නිහැඬියාවකි. හිස් තේ කෝප්පය පසෙකින් තැබූ එතුමා,
“මටත්
සිගරට් එකක් දියන්” යැයි සාවධානව පැවසී ය.
එතුමාත්
සිගරට් බොනවාදැයි වූ කුකුසින් යුතුව මම එතුමාට සිගරටුවක් දුනිමි. එතුමා ගිනිකූරක්
ගසා සිගරටුව දල්වා ගත්තේ ය. නමුත් එතුමා සිගරටුව තම දෙතොලෙහි රඳවා නොගත්තේ ය. දැල්වූ
සිගරටුව මගේ මුහුණ ඉදිරියේ අල්ලාගෙන සිටියේ ය. සිගරටුව කෙමෙන් කෙමෙන් දැල්වේ. අළු
මේසය මත පතිත වේ. මම එදෙස හිස් බැල්මෙන් බලා හුනිමි. නිහැඩියාවකට ඉඩ දෙමින් එතුමා
සන්සුන් ලීලාවෙන් බලා හිඳී. සිගරටුව දැල්වී අවසන් වීමට ද ආසන්න ය...
- 6 -
මතු සම්බන්ධයි...
ටියුෂන් සර්-6
Reviewed by සෙනිර සෙව්මිණ
on
7:03 AM
Rating:
No comments: