පෙර කොටසින්...“කොල්ලො
උඹ සිගරට් එක ඉවර වෙනකම්ම බොනවද?” සන්සුන් ලීලාව මොහොතකට හෝ නොබිඳිමින් එතුමා පැන
නැගී ය.
“නෑ...ෆිල්ටරේ
ඉතුරු වෙනවනෙ.” මම නොසැලකිල්ලෙන් පිළිතුරු දුනිමි.
“ආ
එහෙනං මේක තියාගනිං” කඩිමුඩියේ පවසමින් සිගරට් ෆිල්ටරය ම’අත තබා අඩියට දෙකට
කවුන්ටරය වෙත ගිය ගුරුතුමා තේ කෝප්ප දෙකෙහි බිල ගෙවා නික්ම ගියේ ය.
සිගරට් ෆිල්ටරය දෙස මම මොහොතක් බලා සිටියෙමි. ගුරුතුමාගේ
ක්‍රියාවේ අර්ථය මට වැටහුණේ එවිට ය. මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කාළකන්නි වී නැත. සිගරටුවේ ෆිල්ටරය මෙන් මගේ
ජීවිතයේ ද කොටසක් ඉතිරිව ඇත. මගේ මුවගෙහි මා නොදැනුවත්ව ම සිනා රැල්ලක් ඇඳිණ. ගුරුතුමා
මට දුන් ‘මොරාල් එක’ මගේ දිවිය එකළු කරන්නට සමත් විය. පහුවදා ම මම
උපන් ගමට ගියෙමි. ඒ මගේ යටි සිතේ තිබූ අරමුණක් ද සමගිනි. මවත්, පියාත් මගේ අදහසට
එකඟ විය. එපමණක් නොව මගේ පියා සියලු බරපැන දරන්නට ද එකඟ වූයේ සතුටු සිතෙනි.
- 7 -
මතු සම්බන්ධයි...
ටියුෂන් සර්-7
Reviewed by සෙනිර සෙව්මිණ
on
7:05 AM
Rating:
No comments: