ටියුෂන් සර්-8

   පෙර කොටසින්...මගේ මිතුරෝ පෝස්ටර් ව්‍යාපාරය ගෙන ගියහ. නගරයේ සෑම තැනකම මගේ මුහුණ සිත්තම් වී ඇති පෝස්ටර් ඇලවිණ. බලන බලන අත ඇත්තේ මගේ මුහුණ රැඳි පෝස්ටර් ය. දහස් ගණන් වූ අත්පත්‍රිකා සෑම සිසුවෙකු ම අත රැඳිණ. මට අවශ්‍ය වූ කළමණා සියල්ල මගේ ආදරණීය තාත්තා මට ලබා දුනි. එපමණක් නොව එතුමා මට නවීන යතුරුපැදියක් තෑගි කරන්නට තරම් කාරුණික විය. හැඩට කැපුණු රැවුලත්, කොණ්ඩයත් සමග මගේ පෙනුම යහපත් විය.
      කෙමෙන් කෙමෙන් ගතවුණු කාලයත් සමග ටියුෂන් පන්තිය ඇරඹිය යුතු දිනය පැමිණියේ ය. මහත් සතුටක් ද, සුළු තැතිගැනීමක් ද සිතෙහි ඉතුරු කරමින් සියල්ල සූදානම් විය. උදේ පාන්දර ම මට දූරකතන ඇමතුමකි. ඒ මගේ ‘මොරාල් එක’   හැදූ ගුරුතුමාගෙනි.
“නියමයි කොල්ලො නියමයි. මං දැක්කා උඹේ පෝස්ටර්. උඹට ජයෙන් ජයම වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා. හැබැයි මතක තියාගනින්, උඹ ටියුෂන් ළදරුවෙක්. පෝස්ටර් දාස් ගාණක් ගැහුව පළියට උඹේ පන්තියට ළමයි දාස් ගාණක් එන්නෙ නෑ. හිමිං හිමිං ගොඩයන්න ට්‍රයි කරපන්. එතකොට ලේසියෙන් වැටෙන්නෙ නෑ... ”තවත් බොහෝ දේ එතුමා මට පැවසී ය. මගේ මොරාල් එක දෙගුණ දෙගුණ කරන්නට එතුමාගේ දූරකතන ඇමතුම ඉවහළ් විය....
- 8 -

මතු සම්බන්ධයි...



ටියුෂන් සර්-8 ටියුෂන් සර්-8 Reviewed by සෙනිර සෙව්මිණ on 7:26 PM Rating: 5

No comments:


Powered by Blogger.