පෙර කොටසින්...බඩකට පිරෙන්නට ආහාර ගෙන යතුරුපැදියට ගොඩ වුණෙමි. හදවතේ තිබූ සුළු තිගැස්ම නිසා යතුරුපැදියේ වේගය බාල විය. මා පන්ති කරන්නට සූදානම් වන ආයතනයට යා හැකි ප්‍රධාන පාරක් තිබුණ ද සිසුන් සැවෙම වාගේ පැමිණෙන්නේ ආයතනයට පිටුපසින් ඇති රේල් පාර දිගේ ය. රේල්පාර ආයතනයට පැමිණිය හැකි කෙටි මගකි. රෙල්පාරට සමාන්තරව දිවෙන පටු පාරක් ද වෙයි. එහි යන්තමින් යතුරුපැදියක් ධාවනය කළ හැකි තරම් ය. රේල්පාර ඇතැම් විට පාසල් පෙම්වතුන්ගේ පාරාදීසියකි. කිසිවෙකුගේ නෙත නොගැටෙන ඉසව්වේ ඇතැම්හු සිගරට්, ගංජා සුරුට්ටු දල්වති, බියර් ටින් හිස්කරති. කෙසේ නමුදු ජනශුන්‍ය මේ ප්‍රදේශය මනරම් ය. ඒ මනරම්භාවය විඳින්නට මෙන්ම නගරයේ ඝෝෂාවෙන් මිදෙන්නටත් වූ ආශාව නිසා ම මම යතුරුපැදිය රේල්පාරට හැරවීමි. අද දිනයේ රෙල්පාරේ බලුකපුටෙකු ද නොවේ. ඒ නිහැඬියාව අතරින් මම යතුරුපැදිය ධාවනයේ යෙදුනෙමි. මඳ දුරකින් අනතුරු රේල්පාර මතින් ගමන් කරන යුවතියන් තිදෙනෙකුගේ ඡායාව ඉදිරියෙන් දිස් විය. යතුරුපැදියේ වේගය වැඩිවූයේ නිරායාසයෙනි. කැකිරි පලන සිනා රැලි සමගින් ඔවුහු විහිළු තහළු කරමින් ගමන් කරති. තිදෙනාම රුවින් අගතැන්පත් ය. ඔවුන්ට විහිළුවක් කර අපහසුතාවයට පත් කළ යුතු යැයි මට සිතිණ. පාසල් සමයේත්, විශ්වවිද්‍යාල ජීවිතයේත් මා කෙල්ලන්ට විහිළු කර ඔවුන්ගෙන් කුඩ පහරවල් කෑ අතීතය ද මට සිහි විය.
“ආ...නංගිලා ක්ලිනික් යනව ද? මාස කීය ද?” කොළොප්පම් ස්වරයෙන් මගේ මුවින් පිට විය.
“පල යන්න... කාළකණ්නියා... වල් බල්ලා... කෙල්ලෙක්ට පාරෙ යන්න දෙන්නැද්ද?... තෝ මකබෑවිලා පල...” යනාදී වූ ආක්‍රෝෂ පරිභව ඔවුන්ගේ මුවින් පිටවිය. ඔවුන්ගේ රුව හා සසඳන කල මුවින් පිටවූ වදන් සූර්යයාත්, ප්ලූටෝත් අතර පරතරය සිහි නංවයි. ඔවුන්ගේ ආක්‍රෝෂ පරිභව සිනහ සිතින් ඉවසමින් යතුරුපැදියේ වේගය වැඩි කළෙමි. යතුරුපැදිය නැවතුනේ ආයතනය ඉදිරිපිටයි. කඩිමුඩියේ මම ආයතනයේ කාර්යාලයට ගොස් ඉඳ ගතිමි. සේවකයෙක් මට සුබ උදෑසනක් පැතී ය. පෙරළා ඔහුට සුබාශිංසන එක් කළ මා සුවපහසු ලෙස අසුනක වාඩි වීමි. මා පළමුවෙන් ම පන්තියක උගන්වන්නේ අදයි. මගේ සිත තුළ සුළු තිගැස්මක් ද වේ. සෙමින් සෙමින් කාලය ගත වේ. වෙලාව හරියටම උදෑසන අටයි. දැන් මම පන්තිය ඇරඹිය යුතු ය. ආයතනයේ සේවයෙකුට කතා කොට පන්තියට සිසුන් පැමිණ ඇත්දැයි ඇසීමි. සීසීටීවී දර්ශනයට නෙත් යොමු කළ හේ “ඔව් සර් ළමයි පහක් ඇවිල්ල ඉන්නවා” යැයි කී ය. නවක ගුරුවරකේ වූ මම සිසුන් පස් දෙනාගෙන් සෑහීමට පත් වීමි. මන්දයත් ප්‍රදේශයේ භෞතික විද්‍යා අධිකාරිය හෙබවූ ගුරුතුමා සමග ගැටීමට මට හැකියාවක් නැත. හෙතෙම වසර ගණනාවක් මුළුල්ලේ පන්ති පවත්වා ඇති පරිණතයෙකි. ඔහු හා ගැටීමට මට උවමනාවක් ද නොවේ. මා ටියුෂන් ක්ෂේත්රයට පා නැගුවේ විනාශ වෙමින් තිබූ මගේ දිවිය යළි ගොඩනගාගන්නට ය. මට ඔහු හා තරගයක් නෙවේ.

- 9 -
මතු සම්බන්ධයි...
ටියුෂන් සර්-9
Reviewed by සෙනිර සෙව්මිණ
on
7:32 PM
Rating:
No comments: