පෙර කොටසින්...
“එක්සියුස්
මී සර්” හුරුපුරුදු කටහඬකින් අමතනු ඇසිණි.
වහා
හිස්වැසුම අතට ගත් මම පිටුපසට නෙත් යොමු කළෙමි. එ් මගේ පොරණ සිසුවියන් තිදෙනායි. ඔවුන්ගේ
මුව කමල ඉවසුම් නොදුන් සිනහ රැලි වලින් අලංකෘත ය. යතුරුපැදියෙන් බිමට බට මා,
“කොහොමද
ඔයගොල්ලන්ගෙ රිසාල්ට්?” යැයි ඇසුවේ සිනහ රැඳි මුවෙනි.
“අපි
තුන් දෙනාම පාස් සර්. තුන්දෙනාටම ඒ තුන ගානෙ තියෙනවා. ඒ විතරක් නෙවේ නඳුනි ඩිස්ට්‍රික්ට්
ෆස්ට්” හුස්ම ගන්නට තරම් හෝ විවේකයකින් තොරව දේවින්දි එක දිගටම කියාගෙන ගියාය. තිදෙනාම
මහත් වූ ප්‍රීතියෙන් ප්‍රමුදිතව සිටී. මගේ දෙනෙත් දීප්තිමත් වීමට ගත වූයේ
නිමේශයකි.
“ෂා...නියමයිනෙ.
මගේ සුබ පැතුම්! දැන් ඉතිං නඳුනිටයි, දේවින්දිටයි ඉංජිනියරිං ෆැකල්ටි එකට යන්න
පුළුවන්. දිලිනිට මෙඩිකල් ෆැකල්ටි යන්න පුළුවන්. මට මාරම සතුටුයි, ඇත්තමයි.” පවසන
විට අප සිව් දෙනාගේ ම දෙනෙත් තාරකා සිරි ගති.
“ඒ
උනාට සර් මං ඉංජිනියරිං ෆැකල්ටි යන්නෙ නෑ. මං අයිටී පැත්තෙන් යන්න තමයි හිතුවෙ.” නඳුනි
පැවසුවා ය.
“ඔව්
අයිටී පැත්තත් හොඳයි. හොඳ පඩියක් එහෙම තියෙනවනෙ. අනික තමයි රස්සා ඕන තරං.” මගේ ප්‍රකාශයට
තිදෙනා ම එකඟ වූහ.
- 3 -
මතු සම්බන්ධයි...
ටියුෂන් සර්-3
Reviewed by සෙනිර සෙව්මිණ
on
6:52 AM
Rating:
No comments: