පෙර කොටසින්...“ඒක
නෙවෙයි.කොහොම ද පන්තියෙ හිටපු කොල්ලො පස් දෙනාගෙ රිසාල්ට්? “මගේ පැනයට පිළිතුරු
දුන්නේ දේවින්දි ය.
“පියුමාල්ගෙ
රිසාල්ට් නං ඒ තුනයි සර් හැබැයි චාමරට නං සී දෙකයි එස් එකයි.” ඇගේ කටහඬ ශෝකාකූල ය.
චාමරත් දේවින්දිත් අතර වූ පෙම්සබැඳිය මගේ මනසට ඇතුල් වූයේ නිරායාසයෙනි. මගේ සිත ද
ශෝකාකූල විය.
“අපරාදෙ
චාමර හොඳ කොල්ලා. චාමරට ඔයිට වඩා හොඳ රිසාල්ට් එකකට යන්න තිබුණා. මං ඒ දවස් වල ඉඳලම
කිව්වනෙ ඔය පළහිලව්ව නවත්තන්න කියලා. මතක ද දේවින්දි? දැන් ඉතින් චාමර ට කියන්න
වෙන්නෙ ‘මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න...’ කියල තමයි. මගේ ප්රකාශයත් සමග දේවින්දිගේ
මුහුණ කළු විය. ඈ පසුතැවෙන සෙයකි.
“දැං
ඉතිං ඕව ගැන හිතල වැඩක් නෑ. මං මිනිහට කියනනං ආයෙත් විභාගෙ කරන්න කියල. හැබැයි
දැංවත් ඔය මඟුල නවත්තපන්” ඔවදනක ස්වරයෙන් මා පැවසී ය. දේවින්දි සමාව අයදින
මුහුණින් මා දෙස බලා,
“හොඳයි
සර්” යැයි පැවසුවේ බිම බලාගත් මුහුණෙනි...
- 4 -
මතු සම්බන්ධයි...
ටියුෂන් සර්-4
Reviewed by සෙනිර සෙව්මිණ
on
6:54 AM
Rating:
No comments: